ලාල් කාන්තටත් සතියෙන් ඇප!!!

March 7, 2019 at 4:14 pm | by admin

බීමත්ව රිය පදවා අනතුරක් සිදුකිරිමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාර ගත කර සිටි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත ඇප මත මුදාහැර තිබෙනවා.

ඔහු අද (07) අනුරාධපුර මහේස්ත්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරිර ඇප 02ක් මත මුදාහරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත්තේ.

එමෙන්ම ලබන 14 වනදා ලාල් කාන්තට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ලාල්කාන්තා මන්ත්‍රීවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥයින් අධිකරණයට කියා සිටියේ අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර සිටින කාන්තාවට රුපියල් ලක්ෂයක මුදලක් සානුකම්පිත දිමනා මත ලබාදෙන බවයි.

කෙසේ වුවද මීට පෙර ලාල් කාන්න එළඹෙන 14 වෙනිදා දක්වා බන්ෂනාගාරගත කිරීමයි අධිකරණය නියෝග කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *