ලාල්කාන්ත මාලිමාවේ ඉන්න ප්‍රගතිශීලී මනුස්සයෙක්…! – අකිල…

March 16, 2023 at 7:12 pm | by emanisa.lk

කේ.ඩී. ලාල් කාන්ත යනු ජාතික ජනබලවේගයේ ප්‍රගතිශීලි මනුස්සයෙක් යැයි ද සමාජයට බැස රටේ සාමාන්‍ය ජනතාව ගැන කතා කරන කෙනෙක් යැයි ද එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් පවසයි.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්හෙතෙම මේ බ පැවසීය.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වැඩ වර්ජනය කරන්නැයි ඉල්ලා සිටිය ද වැඩ වර්ජනය කර ජනතාව අසීරුතාවට පත් කරන්න එපා යැයි එම පක්ෂයේ ලාල්කාන්ත පවසා ඇතැයි ද ඒ ගැන කිව හැක්කේ කුමක්දැයි මාධ්‍යවේදියා මෙහිදී විමසීය.

ඊට පිළිතුරු දෙමින් අකිල විරාජ් කාරියවසම්, “රටට අමාරු වෙලාවේ වැඩ වර්ජන අපරාධය දවසක පලිසන් දෙන බව එතුමාට වුණත් තේරෙන්න ඇති. ඒ නිසා වෙන්න ඇති එතුමා අතිනුත් ඔය වගේ ප්‍රකාශ නිකුත් වෙන්නේ”යනුවෙන් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *