ජනතාවට ලයිට් වතුර නොදුන් රවී ලබන ආත්මේ බකමූණෙක් නැත්නම් ඔටුවෙක් වෙනවා! කන්න නොදුන් මංගල කපුටෙක් වෙනවා!

April 2, 2019 at 9:43 am | by admin

අද (01) බොරුවාගේ දවස බවත් එනම් ආණ්ඩුවේ දවස බවත් පවසන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන රටේ ජනතාව ලයිට් වතුර නැතිව පීඬා විඳින බවත් පෙන්වා දෙයි.

අත්‍යවශ්‍ය සේවා වන විදුලිය සහ ජලය ජනතාවට ලබා නොදීමේ පවට ඇමති රවී කරුණානායක ලබන ආත්මයේ බකමූණෙකු හෝ ඔටුවෙකු වන බවත් ජනතාවට කන්න නොදෙන ඇමති මංගල සමරවීර ලබන ආත්මයේ කපටුකු වන බවත් හෙතෙම පවසයි. යහපාලන ආණ්ඩුවේ සියලු දෙනා ඊළඟ ආත්මයේ සත්තු වත්තක උපදින්නේ යැයි ද මන්ත්‍රීවරයා පවසයි.

ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විශේෂ අධිකරණයක ක්‍රියාත්මක වන නඩුව නිසා ඔහු සිරගත වන්නේ යැයි එහි තීන්දුව කලින් ප්‍රකාශ කරමින් අධිකරණයට අපහාස කළ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකාගේ ප්‍රකාශය පිළිබඳ අධිකරණය වගකීමකින් කටයුතු කළ යුතු බව ද මන්ත්‍රීවරයා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *