ලක්ෂ 50ක පරණ යකඩ තොගයක් ලක්ෂ දාහක වාහන බවට පෙරළයි! කෝට්ටේ නගරාධිපති මධුර විතානගේ කළ සුපිරි වැඩක්!

August 1, 2020 at 12:59 pm | by emanisa.lk

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ භාවිතයෙන් ඉවත් කර අබලි යකඩවලට විකිණීමට නියමිතව තිබූ වාහන 20ක් ප්‍රතිසංස්කරණය කර නැවත භාවිතයට ගැනීමට නගරාධිපති මධුර විතානගේ කටයුතු කර තිබේ.

නගර සභා සේවකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් මෙම වාහන ප්‍රතිසංස්කරණය සඳහා රු. කෝටි 02ක පමණ මුදලක් වැය වී ඇති අතර එම වාහනවල සම්පූර්ණ වටිනාකම කෝටි 10කට අධිකය.

මෙම වාහන තොගය පරණ යකඩවලට විකුණා දැමුවේ නම් නගර සභාවට රු. ලක්ෂ 50ක පමණ මුදල් උපයාගත හැකි වන බව පවසන මධුර විතානගේ ඒවා නැවත ප්‍රතිසංස්කරණය කිරීම නිසා නගර සභාවට නැවත රු. ලක්ෂ 1000ක පමණ වාහන තොගයක් හිමි වූ බව සඳහන් කළේය.

මධුර විතානගේ තමන්ට නිල රථයක් මිලයට ගැනීමට ලැබුණු ලක්ෂ 60ක පමණ මුදල වැය කර නගර සභාවේ ආයතන තුනක් සඳහා වාහන තුනක් මිලයට ගෙන දීමට මෙයට පෙර කටයුතු කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස