ලංකාව වටා කොරල් 90%ක් මැරිලා! වහා සංරක්ෂණය නොකළොත් වසර 10කින් සියල්ල විනාශයි!

June 22, 2019 at 12:32 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව වටා මුහුදු කලාපයේ ඇති කොරල් සියයට අනූවක පමණ ප්‍රමාණයක් මේ වන විට මියගොස් ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පවසයි.

පරිසර වෙනස්වීම්, අසම්මත සහ විනාශකාරී මසුන් මැරීමේ ක්‍රම සහ පොලිතීන් මුහුදට එකතු වීම නිසා මෙම තත්ව උද්ගත වී ඇති බව තමන් කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයිද ආචාර්යවරයා පෙන්වා දෙයි.

මුහුදු කලාප ආශ්‍රිතව පරිසරය රැකීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම මීට වඩා වේගවත් කර ඒ සඳහා සැම දෙ‍නකුගේම සහය නොගතහොත් ඉදිරි වසර දහය ඇතුළතදී කොරල්පර සම්පූර්ණයෙන් ම විනාශවී යනු ඇතැයිද හෙතෙම අවධාරණය කරයි.

ලෝකයේ බොහෝ මුහුදු කලාපවල දැක ගත නොහැකි අලංකාර කොරල් සහ ජීවීන් රැසක් ලංකාව වටා මුහුදු කලාපයේ තවමත් දැක ගත හැකි බවත් මෙය රැක ගැනීමට රාජ්‍ය, රාජ්‍ය නොවන සහ සිවිල් සංවිධාන සාමාන්‍ය ජනතාව එක්ව අත්වැල් බැඳගෙන තම ආයතනයට සහය ලබා දෙන ලෙස ආචාර්යවරයා ඉල්ලීමක් ද කරයි.

වෙරළාශ්‍රිත මුහුදේ පාරිසරික සමබරතාව ආරක්ෂා කර ගැනීම සඳහා මෙන්ම වෙරළ සංරක්ෂණය සඳහා ද කොරල් පර වැදගත් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස