ලංකාව දෙවන සතියටත් එන්නත්කරණයෙන් ලොව පළමු තැන….! මාත්‍රා දෙකම ලබා දුන් ජනගහනය කෝටිය ඉක්මවා යයි…!

September 10, 2021 at 9:04 am | by emanisa.lk

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා දෙක ම ලබා ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට කෝටිය ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව පුද්ගලයින් 10,211,537 දෙනෙකුට කොවිඩ්-19 මර්දන එන්නතේ මාත්‍රා දෙක ම ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ අතර කෝවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනේ පිට පිට දෙවැනි සතියටත් ශ්‍රී ලංකාව ලෝකයේම පළමුවැනි ස්ථානයට පත්ව තිබේ.

ගෝලීය කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක වාර්තා ඉදිරිපත් කරන අවර් වර්ල්ඩ් ඉන් ඩේටා වෙබ් අඩවියේ දත්ත විශ්ලේෂණ අංශයේ ප්‍රධානි එඩ්වඩ් මැතිව් ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

අවර් වර්ල්ඩ් ඉන් ඩේටා වෙබ් අඩවියේ වාර්තාවට අනුව නවසීලන්තය හා කියුබාව පිළිවෙළින් දෙවැනි සහ තුන්වැනි ස්ථානයේ පසුවන අතර, ඉක්වදෝරය සහ පැනමා රාජ්‍ය සිව් වැනි සහ පස් වැනි ස්ථානවල පසු වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *