ලංකාවේ PCR පරීක්ෂණ 162 000ක් කරලා!

August 3, 2020 at 9:49 pm | by emanisa.lk

ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 33ක පුද්ගලයින් 2294 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වන බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

නිරෝධායන මධ්‍යස්ථාන ආශ්‍රිතව ඊයේ (02) පී.සී.ආර් පරික්ෂණ 1210ක් සිදුකිරීමට කටයුතු කර ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ වන විට මෙරට දී පී.සී.ආර් පරීක්ෂණ 162,090ක් සිදුකර ඇති බව ද කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය.

එම පරික්ෂණවලින් ආසාදිතයින් බවට තහවුරු නොවු පුද්ගලයින් 29,121 දෙනෙකු සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇත.

අද (03) දිනයේ ද සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් 55 දෙනෙකු නිවෙස් වෙත පිටත් කර හැරීමට පියවර ගෙන ඇති බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස