ලංකාවේ IMF වැඩපිළිවෙළට අඛණ්ඩ සහය ලබා දෙනවා…! – චීනය…

September 2, 2022 at 8:16 am | by emanisa.lk

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් මිදී තිරසර සංවර්ධනයක් ඇති කර ගැනීමට ගන්නා ප්‍රයත්නයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතනවල සහාය අත්‍යවශ්‍ය බව චීනය සදහන් කරයි.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය අද නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

එම නිවේදනයේ තව දුරටත් සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ මිත්‍රශීලි අසල්වැසියෙක් ලෙස සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රමුඛ කොටස්කරුවෙක් ලෙස චීනය ශ්‍රී ලංකාවට උදව් කිරීමට එම මූල්‍ය ආයතන සැම විට ම ධෛර්යමත් කරන බවය.

ශ්‍රී ලංකාව, චීනය සමඟ සමාන ආකල්පයකින් ක්‍රියාශීලීව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් තිරසාර විසඳුමක් කඩිනමින් ක්‍රියාත්මක කරනු ඇතැයි බලාපොරොත්තුවන බවත් අදාළ නිවේදනයෙන් වැඩි දුරටත් දක්වා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *