ලංකාව උග්‍ර විදෙස් සංචිත හිඟයක් අබියස…! සංචිත ඇත්තේ මාස 03ක ආනයන සඳහා පමණයි….!

June 11, 2021 at 9:26 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව සතු නිල විදේශ සංචිත ප්‍රමාණවත් වන්නේ මෙරටට මාස තුනක ආනයන ගෙන්වීමට පමණක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4ක් දක්වා පහත වැටී ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුවේ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර සඳහන් කරයි.

චීන මහ බැංකුව ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක විදේශ මුදල් හුවමාරු පහසුකමක් ලබා දෙන අතර එම මුදල් මෙරටට මාසයකට සෑහෙන ආනයන ගෙන ඒමට ප්‍රමාණවත් යැයි ද ඔහු කීය.

මීට අමතරව ඉන්දියාවෙන් සහ බංගලාදේශයෙන් ද විදේශ විනිමය හුවමාරු පහසුකම් හිමි වන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 780ක් ලබන අගෝස්තු මාසයේ දී ලැබීමට නියමිත බව ද හෙතෙම වැඩි දුරටත් අනාවරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *