ලංකාවේ ද්විත්ව පුරවැසියන්ට දොර වැහෙද්දී ඉන්දියානු රිෂී සුනක් බ්‍රිතාන්‍ය අගමැති ධූරයට…!

October 25, 2022 at 9:18 am | by emanisa.lk

ඉන්දිය සම්භවයක් ඇති මන්ත්‍රී හිටපු මුදල් අමාත්‍ය රිෂී සුනක් එක්සත් රාජධානියේ මීළඟ අගමැති බවට පත්වනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය සඳහා භාර දුන් පෙනී මොර්ඩෝන්ට් ඉවත් වීමෙන් අනතුරුව ඔහුට එම අවස්ථාව හිමි වී තිබේ.

ඒ අනුව, ඔහු එක්සත් රාජධානියේ ආසියානු සම්භවයක් සහිත ප්‍රථම බ්‍රිතාන්‍ය අගමැතිවරයා බවට පත්වනු ඇත. 42 හැවිරිදි වියේ පසුවන රිෂී සියවසක කාලයක් තුළ එරට ලාබාලතම අගමැතිවරයා ද වනු ඇත.

අගමැති ධූරයට පත් වී දින 45කට පසු ලිස් ට්‍රස් එම ධූරයෙන් සහ කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයෙන් පසුගිය දා ඉල්ලා අස් වූවා ය. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ කෙටි ම කාලයක් අගමැති ධූරය දැරූ තැනැත්තිය බවට ලිස් ට්‍රස් පත් වූවා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *