ලංකාවේ තේ මිළ වේගයෙන් ඉහළ යයි! අමු තේ දලු කිලෝවක් රු. 130යි! නිමි තේ කිලෝවක් රු. 750යි!

May 18, 2020 at 9:52 am | by emanisa.lk

කොරෝනා ආපදා තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ තේ සඳහා ඉතිහාසගත ඉහළ මිලක් හිමි ව තිබේ.

ඒ අනුව කොළඹ තේ වෙන්දේසියේ දී අමු තේ කොළ කිලෝග්‍රෑමයක් සඳහා මෙතෙක් ලැබුණු රු. 85-100ත් අතර මුදල පසුගිය අප්‍රේල් මාසයේ දී රු. 130 දක්වා ඉහළ ගොස් තිබෙන අතර නිමි තේ කිලෝග්‍රෑමයක් සඳහා ලැබුණු රු. 350-500ත් අතර මිල ද රුපියල් 750 දක්වා ඉහළ ගොස් ඇත.

කොරෝනා ව්‍යාප්තියත් සමඟ බලපෑ හේතු කිහිපයක් මුල් කරගෙන මෙලෙස තේ මිල ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පෙන්වා දෙයි.

වාර්ෂිකව ලංකාව තේ කිලෝ ග්‍රෑම් මිලියන 320 – 340ත් අතර ප්‍රමාණයක් අපනයනය කරයි. එයින් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 වාර්ෂික ආදායමක් මෙරටට හිමිවන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පෙන්වා දෙයි.

කොරෝනා වසංගත තත්ත්වය තත්ත්වය සමග තේ පානය ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනයට ඉවහල් වන බව හඳුනා ගැනීම මේ සඳහා බෙහෙවින් බලපා ඇති බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *