ලංකාවේ ඇමරිකානු කඳවුරු හදන්නේ නෑ! අපි ලංකාවේ ස්වෛරීභාවයට ඉතාම ගරු කරනවා! – ඇමරිකානු තානාපතිනි

July 2, 2019 at 5:00 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකානු කඳවුරක් ස්ථාපිත කිරීමට කිසිදු සැලසුමක් හෝ වුවමනාවක් නැතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් සඳහන් කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ඉදිරියේදී අත්සන් කිරීමට යෝජිත ද්විපාර්ශ්වික ආරක්ෂක ගිවිසුම හෙවත් “සෝෆා” ගිවිසුමේ ඇතැම් වගන්තිවලින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානි වන බවට පළවු මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකානු තානාපතිනිය සිය ට්විටර් පණිවුඩය නිකුත් කර තිබේ.

එම ට්විටර් පණිවුඩයේ මෙසේ දැක්වෙයි.

“මේවා වැරැදි තොරතුරු. ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකානු කඳවුරක් ස්ථාපිත කිරීමට කිසිදු සැලැසුමක් හෝ වුවමනාවක් නැහැ. සාකච්ඡා පැවැත්වෙන මෙම යෝජිත ගිවිසුමේ එකම අරමුණ සහයෝගය සැපයීම පමණයි. ඒ වගේම ගිවිසුමෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සම්පූර්ණයෙන් ගරු කරනවා.”

ඇමෙරිකානු තානාපතිනිය විසින් ඩේලි නිව්ස් පුවත්පත සමග කළ සංවාදයකදී මැයි 27 වැනිදා පළ කළ වාර්තාව අනුව ලංකාවේ අමෙරිකන් සොල්දාදුවන් ක්‍රියාකරනු ඇත්තේ ගිවිසුමේ වගන්ති අනුවය. ගිවිසුමේ වගන්ති ලෙස ඇත්තේ අමෙරිකන් සොල්දාදුවන්ට ලංකාවේ වීසා අවසරය අවශ්‍ය නොවන බවය. රියැදුරු බලපත්‍ර සදහා එක්සත් ජනපද බලපත්‍ර පිළිගනු ලබන බවය. එසේම ලංකාවේ නීතිය ඔවුන්ට බලපාන්නේ නැති බවය. මේ අනුව, එක්සත් ජනපද හමුදා මෙරටදී ක්‍රියාකරනු ඇත්තේ මෙය එක්සත් ජනපද යටත් විජිතයක් ලෙස සලකමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස