ලංකාවට කර ඇති හූනියම නොවැම්බරේ කපනවා…! – අනුර….

February 13, 2023 at 8:01 am | by emanisa.lk

ලංකාවට කර ඇති හූනියමක් නොවැම්බර් මාසයේ දී කපා ඉවත්කරන බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ඊයේ (12) ජාතික ජනබලවේගය හොරණ මහජන ක්‍රීඩාංගණයේ සංවිධානය කළ ජනහමුවක දී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

“ලංකා ඉතිහාසයේ කිසිවකු නොසිතූ දේශපාලන පෙරළියක ආරම්භය මාර්තු මස 09 වෙනිදා සනිටුහන් වෙනවා. ඡන්දය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම අධිකරණයේ දී එකඟතාව පළකර තිබෙනවා. ඒ අනුව 09 වෙනිදා පළාත් පාලන මැතිවරණය අනිවාර්යෙන් පැවැත්වීමට නියමිතයි

මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් වෙන් කරන්නේ වියදම් කරන්නේ රනිල් වික්‍රමසිංහගේ කුරුණෑගල පොල්වත්තෙ ආදායමෙන් හෝ බණ්ඩාරවෙල තේවත්තේ ආදායමෙන් හෝ මහ බැංකු වංචාවෙන් ඉතිරි වී මහා භාණ්ඩාගාරයට ලබාදුන් මුදල්වලින් නොවේ. ඡන්දය සඳහා වියදම් කරන්නේ ජනතාව කිරි පැකට්ටුවක්, පරිප්පු ටික හාල් ටිකක් භාණ්ඩාගාරයට යන බදු මුදල්.

විශ්‍රාමික කර්නල්වරයෙකු වගේ තනි පුද්ගලයකු දාලා ඡන්ද නවත්තන්න පුළුවන් නම් මේ රටේ ජනතාවට හැම ඡන්දයකදී එක එක පුද්ගලයා වශයෙන් නඩු දා ඡන්ද නවත්තන්න පුළුවන් වෙනවා.එහෙම වුණොත් වසර මිලියන ගාණක් යන යන තුරු මේ රටේ ඡන්දයක් පවත්වන්න ලැබෙන්නේ නෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *