රූපවාහිනියේ සුළං කිරිල්ලි සජිත්ගේ ඔෆිස් එකේ! ඡන්ද කටේ රාජ්‍ය මාධ්‍ය අපක්ෂපාතීත්වය බැබළේ!

October 10, 2019 at 10:13 am | by emanisa.lk

ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කරන ඉනෝකා සත්‍යාංගනී පසුගියදා එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ වොක්ෂෝල් වීදියේ කාර්යාලයට ගියාය.

සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානය රිසි සේ පරිහරණයට ඉඩක් නොමැති වීමත් මංගල සමරවීරගේ නිවසේ කාර්යාලයට ජලනී ප්‍රේමදාස ආර්යාවගේ අකමැත්ත ප්‍රකාශ කිරීමත් නිසා මෙම නව කාර්යාලය විවෘත කෙරිණි.

ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක රජයේ රූපවාහිනි නාළිකාවේ සභාපතිනිය මේ ආකාරයට ජනපති අපේක්ෂකයකුගේ කාර්යාලයකට යෑම සදාචාර විරෝධී මෙන්ම මැතිවරණ කොමිසම රූපවාහිනිය වෙත ලබා දී මාධ්‍ය නිර්ණායක සහ ආචාර ධර්ම අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.

පෞද්ගලික රූපවාහිනි නාළිකා පෞද්ගලික අයිතිය යටතේ තිබුණ ද සංඛ්‍යාත ජනතාවට අයිති බව ප්‍රකාශ කරමින් නිතර මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ අවවාද අනුශාසනා කරන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙම සිද්ධිය පිළිබඳ ගන්නා තීන්දුව කුමක් දැයි ජනතාව ප්‍රශ්න කරති.

ජනතාවගේ බදු මුදලින් නඩත්තු කරන ජාතික රූපවාහිනියේ සභාපතිනිය මේ ආකාරයට ජනාධිපති අපේක්ෂකයකුගේ කාර්යාලයකට යාම මගින් එම නාළිකාව මේ අවස්ථාවේ ආණ්ඩුවේ අපේක්ෂකයා වෙනුවෙන් පෙනී සිටින තහවුරු කර ඇතැයි ඔවුහු චෝදනා කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස