රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ බාල වයස්කාර මෙහෙකාර දැරිය බරපතළ තුවාල සහිතව ජාතික රෝහලට….!

July 9, 2021 at 7:51 am | by emanisa.lk

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදුණු බව කියන බාලවයස්කාර දැරියක් බරපතළ තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

වයස අවුරුදු 16ක් වන මෙම දැරිය බරපතළ පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කර ඇති අතර එම පිළිස්සුම් තුවාල කෙසේ සිදුවී ද යන්න මෙතෙක් හෙළි වී නැත.

දැනටමත් සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මෙම දැරිය හැටන් ප්‍රදේශයේ පදිංචිකාරියක් යැයි ද හෙළි වී ඇත.

කෙසේ වුව ද මේ වන විට රිෂාඩ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ පසුවෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *