රාජිතගේ පුතා මගේ බාල වයස්කාර දියණිය පැහැරගෙන ගියා! දේශපාලන බලපෑම් මත පරීක්ෂණ යටගැහුවා! – පියකෙුගෙන් ජනපති කොමිසමට පැමිණිල්ලක්…

July 24, 2020 at 9:19 am | by emanisa.lk

ඇමැති රාජිත සේනාරත්නගේ පුත් එක්සත් සේනාරත්න තමාගේ දියණිය, බාලවයස්කාර දැරියකව සිටි සමයේ පැහැරගෙන ගිය බවත්, දේශපාලන බලපෑම් මත එහිදී තමාට සාධාරණයක් ඉටු නොවූ බවත් පවසමින් එම දැරියගේ පියා දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ දැරියගේ පියා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට පැමිණ පැය 07කට අධික කාලයක් ප්‍රකාශයක් ලබා දී ඇතැයි ද වාර්තා වෙයි. අදාළ පැමිණිල්ල ජනාධිපති කොමිසමේ නිරීක්ෂණය සඳහා යොමු කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *