රිෂාඩ් අද කරන වැඩවලට මහින්ද වගකියන්න ඕන! චෝදනා බලලා විශ්වාසභංගය ගැන තීන්දුවක් ගන්නවා! – ජවිපෙ

May 20, 2019 at 9:23 am | by admin

ඇමති රිෂාඩ් බදියුදීන්ට එරෙහිව විශ්වාසභංගය පිළිබඳ ජවිපෙ ස්ථවරය විමසූ විට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස දැක්වූ අදහස මෙසේය.

මේ විශ්වාසභංගය ඉදිරිපත් කරන බව අප දැනගත්තේ මාධ්‍යයෙන්. තවම මේ යෝජනාව අපට පෙන්වා නෑ. වඩා වැදගත් වන්නේ විශ්වාසභංගයේදී ඡන්දය පාවිච්චි කිරීමයි. රිෂාඩ්ට එරෙහි චෝදනා දෙස බලලා ඒ පිළිබඳ තීන්දුව ගන්න අපි සූදානම්. නමුත් කවුරුත් මතක තබාගත යුතුයි රිෂාඩ් කියන්නේ අද ඊයේ දේශපාලනයට ආ කෙනෙක් නොවේ. විල්පත්තුවට උතුරින් කල්ලාරු වනය ඔහු කපන්නේ බැසිල් රාජපක්‍ෂගේ හා ගෝඨාභය රාජපක්‍ෂගේ ආශිර්වාදය ඇතිව 2012 වසරේ සිට. සතොස හරහා යම් යම් වංචා කරන්නේ 2014 සිට.

මේ රිෂාඩ් මිලදී ගන්න පසුගිය ඔක්තෝබර් කුමන්ත‍්‍රණයෙන් පසුව මහින්ද රාජපක්‍ෂ පාර්ශ්වය වැඩකටුයතු කළා කියා රටම දන්නවා. ඒකට මැදිහත් වුණේ එස්. බී. දිසානායක. රිෂාඩ් බදුර්දීන් කෙනෙක් හැදුවේ බැසිල් රාජපක්‍ෂ. රිෂාඩ් අද කරන මේ වැඩවලට රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව වගේම මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවත් හරි හරියට වගකිව යුතුයි. මේ අය රිෂාඩ් තඩි ගහලා තම ඔඩොක්කුවේ සිටින හිස්බුල්ලා ආරක්‍ෂා කරනවා. හිරා පදනම හදලා සෞදි අරාබියෙ සල්ලි.

ගෙන්වාගෙන ඉස්ලාම් බැංකු කළමනාකරණයයි ෂරියා නීතියයි උගන්වන්න, උපාධි දෙන්න මඩකලපුව විශ්වවිද්‍යාලය හදන්නේ හිස්බුල්ලා. හිස්බුල්ලා 2013 දී මෙය ආරම්භ කරද්දී රාජපක්‍ෂ ආණ්ඩුවේ ඇමැතිවරයෙක්. අද ඔහු ශ‍්‍රීලනිප නියෝජනය කරන, ජනාධිපතිගේ ආණ්ඩුකාරවරයා. මුස්ලිම් ජනතාව සමඟ දේශපාලනය නොකර ඔවුන් අන්තවාදයට තල්ලූ කරලා ඡන්ද පෙන්වලා බිස්නස් කරන මේ කොයි දේශපාලනඥයාටත් ජනතාව දඬුවම් කළ යුතුයි.

දිවයින

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස