රාජිත අන්තවාදයට එරෙහි වෛද්‍ය පරිපාලකයන් නිහඬ කරවයි! මාධ්‍ය හමු තියනවා නම් රාජතගේ ලේකම්ගෙන් අවසර ගන්නලු!

May 28, 2019 at 5:48 pm | by admin

රජයේ රෝහල් සහ අනෙකුත් ඒකකවල වෛද්‍ය පරිපාලකයින්ට තාක්ෂණික කරුණු හැර වෙනත් කරුණු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවසර ලබාගත යුතු බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා පවසයි.

විශේෂයෙන්ම වෛද්‍ය පරිපාලකයින් මාධ්‍ය  හමුවක් පවත්වා මාධ්‍යයට කරුණු දැක්වීමේ දී අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් අවසර ලබාගත යුතු බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.

මෙම තීරණය පිළිබදව සියලුම වෛද්‍ය පරිපාලකයින් දැනුවත් කර ඇති බවත් ඉන් පරිභාහිරව කටයුතු කරන වෛද්‍ය පරිපාලකයින්ට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක කරන බවත් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස