රාජ්‍ය සේවය ජනතා බදු මුදල් කන මකරෙක් වෙයි…! කොවිඩ් වසංගතය මැද වැඩවර්ජන 28ක්….! මිනිස් පැය 22 590ක් රටට අහිමි වෙයි…!

July 12, 2021 at 4:37 pm | by emanisa.lk

කොවිඩ් වසංගත තත්ත්වය පැවැති 2020 වර්ෂයේ දී පවත්වා ඇති වැඩවර්ජන 28කින් මිනිස් දින විසි දෙදහස් පන්සිය අනූවක් රටට අහිමි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මිනිස් දිනයක් යනු එක් පුද්ගලයකු දෛනිකව කරන වැඩ රාජකාරි ප්‍රමාණයයි. එම වර්ෂයේ පළමු කාර්තුවේ දී වැඩවර්ජන පහක් සිදුවී ඇති අතර ඉන් රටට අහිමි වී ඇති මිනිස් දින ගණන 1480කි.

එසේම දෙවැනි කාර්තුවේ දී වැඩවර්ජන දහයක් පවත්වා ඇති බවත් ඉන් මිනිස් දින 4073ක් රටට අහිමි වී ඇති බවත් මහ බැංකු වාර්තාවෙහි දැක්වේ.

මෙයට අමතරව තුන්වැනි කාර්තුවේදී වැඩ වර්ජන එකොළහක් සිදු වී තිබෙන අතර ඉන් රටට අහිමි වී ඇති මිනිස් දින ගණන දහසය දහස් පන්සිය පනස් නවයකි.

එම වර්ෂයේ සිවුවැනි කාර්තුවේ දී වැඩවර්ජන දෙකක් සිදුවී ඇති අතර ඉන් අහිමි වූ මිනිස් දින ගණන 478කි.

මේ අතර 2019 වර්ෂයේදී වැඩ වර්ජන 25ක් සිදුවී ඇති අතර එමගින් රටට අහිමි වී ඇති මිනිස් දින ගණන පනස් හයදහස් පන් සිය දෙකකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *