රාජ්‍ය සේවක පඩි වැඩි කළාට රටට සෙතක් නෑ…! – වජිර…

November 8, 2023 at 9:22 am | by emanisa.lk

ණය දෙන ආයතනවල විශ්වාසය දිනාගෙන රට ගොඩනගන්න හදන අවස්ථාවේ කවුරුන් හෝ විසින් නැවත වැඩ වර්ජන රැල්ලක් ඇති කළොත් ආයෙත් සියලු දෙනාටම ඉන්න වෙන්නේ මහ පාරේ බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

ජාතිය මහ පාරට ඇද දාන්න එපා යැයි ඉල්ලා සිටින බව කී වජිර අබේවර්ධන, මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන් ලක්ෂ 16 කගේ වැටුප් වැඩි කරන බවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි ද පැවසීය.

වැටුප් වැඩි කළාට රට දුවවන්න බැරි බව පැවසූ එජාප සභාපතිවරයා වැටුප් වැඩි කරන්න වෙන්නේ මහ ජනතාවගේ බදු මුදල් අරගෙන බව ද සඳහන් කළේය.

වැඩවර්ජන කර බෝඩ් උස්සා සිදු කරන්නේ ලංකාව ස්ථාවර නැතැයි ජාත්‍යන්තර මාධ්‍යවලට පෙන්වීම යැයි වජිර අබේවර්ධන සඳහන් කළේය. පෙළපාළි යන රටකට සංචාරකයන් එන්න බය බවද මන්ත්‍රීවරයා පැවසීය.

ජනාධිපති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමින් වජිර අබේවර්ධන මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *