රාජ්‍ය අමාත්‍යවරන් වැඩ කරන්නේ මන්ත්‍රී වැටුපට…! වරප්‍රසාද කිසිවක් නෑ…!

September 9, 2022 at 11:26 am | by emanisa.lk

නව රාජ්‍ය අමාත්‍යවරුන් කටයුතු කරන්නේ කිසිදු වරප්‍රසාදයක් යටතේ නොවන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

“දැනට අමාත්‍යවරු 20 දෙනයි පත්කරල තියෙන්නේ. ඒ ප්‍රමාණයත් එක්ක ආයතන පවත්වා ගෙන යාමට අපහසුයි. උදාහරණයක් විදියට ගත්තොත් මගේම තියෙනවා ආයතන 35ක්. මට තනියම ඒ වැඩ කරන්න අමාරුයි. ඒත් රාජ්‍ය අමාත්‍යවරුන් පත් කළාම ඔවුන්ට ඒ ආයතන බලන්න කියල පවරල දෙන්න පුළුවන්.

එතකොට ඒ ආයතන වල තත්ත්වය ඉහළට ගන්න පුළුවන්. ඒක නිසා තමයි අද අලුතින් රාජ්‍ය ඇමතිවරුන් පත් කළේ. ඔවුන් සියලු දෙනා වැඩ කරන්නෙ මන්ත්‍රී වැටුපට. ඒ නිසා ඔවුන් රජයට ලොකු බරක් වෙන්නේ නැහැ.

හැබැයි පසුගිය යහපාලන ආණ්ඩුව කාලේ ඇමතිවරුන්ට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් 88 දෙනකු සිටියා. මෙම 88 දෙනාට ම අමාත්‍යවරුන්ට හිමිවන සියලු වරප්‍රසාද ලබා දුන්නා. ඊටත් අමතරව අධීක්ෂණ මන්ත්‍රීවරු කියල කණ්ඩායමකුත් පත් කරගෙන එම තනතුරේ කටයුතු කරන්න මාසෙකට ලක්ෂ 6ක වගේ මුදලකුත් දුන්නා. මේ සියල්ල ඔවුන්ට දුන්නෙ මන්ත්‍රී වරප්‍රසාදවලට අමතරවයි.”

ඊයේ (8) කොළඹදී මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග ‍ මේ බව ප්‍රකාශ කළා .

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *