රාජපක්ෂලා හොරකම් කළා නම් ඔප්පු කරනු…! වහාම සියලු දේපළ රජයට පවරා දෙනවා..! – නාමල්…

March 5, 2023 at 12:04 pm | by emanisa.lk

රාජපක්ෂලා හොරකම් කළ ධනය රටට ගෙන එන බවට 2015 කී බොරුව නැවත කියමින් ඇතැයි හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

එම බොරුවෙන් යහපාලන ආණ්ඩුව පත් කර ගත්ත ද රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක යන කිසිවෙකු රාජපක්ෂලා කළේ යැයි කී කිසිදු හොරකමක් ඔප්පු කිරීමට අසමත් වූ බව ද හෙතෙම අවධාරණය කරයි.

ඕනෑ ම රටක රාජපක්ෂලා සතු දේපළක් හෝ ධනයක් ඇත්නම් එය වහාම තහවුරු කරන ලෙසත් එම සම්පූර්ණ ධනය නැවත රජයට පවරා දෙන බවත් නාමල් රාජපක්ෂ කීය.

නාස්තිය දූෂණය පිළිබඳ කතා කරන ජවිපෙ 88-89 යුගයේ විනාශ කළ බස්, පාසල් ගොඩනැඟිලි ඇතුළු රාජ්‍ය දේපළවල වන්දි රජයට ලබා දිය යුතු බවයි, ඔහු ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *