රාජපක්ෂලා සංඛ්‍යා ලේඛණ ජිල්මාට් දාලා අපේ දුප්පත්කම ලෝකයට හැංගුවා! ජාත්‍යන්තර ගනුදෙනු ගැන මට කගෙන්වත් ටියුෂන් අවශ්‍ය නෑ! – සජිත්

June 26, 2019 at 11:23 pm | by emanisa.lk

පසුගිය ආණ්ඩු සමයේ ශ්‍රී ලංකාව මැදි ආදායම් රටක් ලෙස වර්ගීකරණය කළේ ව්‍යාජ දත්ත ලොවට පෙන්වා කළ සංඛ්‍යා ලේඛණ ජිල්මාට් නිසා යැයි තමා නැවතත් අවධාරණය කරන බව ඇමති සජිත් ප්‍රේමදාස පවසයි.

ඇමතිවරයාගේ ප්‍රකාශය සතියක් ඇතුළත ඔප්පු කළ හොත් තමන් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බවට බන්දුල ගුණවර්ධන කළ ප්‍රකාශයට පිළිතුරු ලෙස හෙතෙම මේ බව කියා සිටියේය.

ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව රටේ දුප්පත්කම 2009 වසරේ 8.9ක් වූ බවත් එය 2013 වසරේ 6.5ක් බවත් පැවසූ ඇමතිවරයා 2012 වසරේ රටේ ජනතාවගෙන් 29%කට සමෘද්ධි සහනාධාරය ලබා දුන් බව පෙන්වා දෙයි.

ඇමතිවරයා පවසන්නේ රටේ සමෘද්ධිය ලබා දුන් ප්‍රතිශතය දුප්පත් ජනතාව බවත් දුප්පත්කම පිළිබඳ සංඛ්‍යා ලේඛණ ජනතාවට කෘත්‍රිම සහනයක් ලබා දීමට සිදුකළ සංඛ්‍යා ලේඛණ ජිල්මාට් බවත්ය.

මේ නිසා ලංකාව මැදි ආදායම් රටක් ලෙස වර්ග කළ බවත් විදේශ ආධාර නොලැබී ගිය බවත් පැවසූ ඇමතිවරයා ජාත්‍යන්තර ගනුදෙනු පිළිබඳ තමන්ට කිසිවකුගේ ටියුෂන් උවමනා නැති බව ද අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස