රාජපක්ෂලා වරායට දොඹකර ගන්න සැකසූ ටෙන්ඩර් ගිවිසුමේ ඇමරිකානු හමුදාවට රටට එන්න අවසර දී තිබුණා! – ජවිපෙ (video)

June 12, 2019 at 5:34 pm | by emanisa.lk

2015 ජනවාරි 09 වන දින වන විට කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු අවසන් වී තිබුණු අතර ඒ සඳහා දොඹකර 08ක් පමණ සවි කිරීමට ටෙන්ඩර් කැඳවා තිබුණු බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි.

එම දොඹකර මිලයට ගැනීම සඳහා යොමු කළ කැබිනට් පත්‍රිකාව සාමාන්‍ය දොඹකර මිලට ගැනීම සඳහා වැය වන මිල මෙන් දෙගුණයක මිලක් යොදා තිබුණු බවත් අමතරව ඇමරිකාව සිදුකරන ඕනෑම යුද්ධයකදී ලංකා ගුවන්තොටුපළ වරාය භූමිය තෙල් පහසුකම් ඇතුළු සියල්ල භාවිත කිරීමට අවසර ලබා දී තිබුණු බවත් ඔහු පෙන්වා දෙයි.

සාමාන්‍ය මිලට වඩා දෙගුණයක් මිලට දොඹකර මිලට ගන්නා වෙළෙඳ ගනුදෙනුවක ගිවිසුමක දෙරටක් අතර සිදුවන ආරක්ෂක ගිවිසුමක් ඇතුළත් වීම පුදුම සහගතය.

කෙසේ වුවද වර්තමාන ආණ්ඩුව ඇමරිකාව සමග මෙවැනි භයානක ගිවිසුමක් අත්සන් කිරීමට යන බවත් එවැනි ගිවිසුමක් සඳහා ජනතා කැමැත්ත පළමුව ලබාගත යුතු බවත් තෛනිකායික මහා සංඝ රත්නය සහ කාදිනල්තුමා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් අනාවරණය කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස