රාජපක්ෂලා දඩයමට පිණිසම ගෙන ආ 19ට විශාල වෙනස්කම් ඕන! 19 පියවරු පාපෝච්චාරණය කරති!

March 14, 2019 at 7:49 am | by admin

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විශාල වෙනස්කම් සිදු කිරීමට අවශ්‍යව පවතින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසයි.

පසුගිය දිනවල ඇතිවූ යම් යම් සිද්ධින් සලකා බැලීමේදී එය සිදු කිරීමේ අවශ්‍යතාව පැන නගින බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

කොළඹ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පල කළ කළ අතර මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන්ද එක් වුණි. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මෙම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමට සම්බන්ධ වූ ව්‍යවස්ථා විශාරදයෙකි.

2015 පත් වූ යහපාලන ආණ්ඩුවේ සුවිශාලතම දේශපාලන ජයග්‍රහණය 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බව එම කඳවුරේ බොහෝ දෙනෙක් පවසති. අගමැති රනිල් වික්‍රමසිංහ මෑතක ප්‍රකාශ කළේ කුඩු ඇල්ලීමට හැකි වූයේ 19 නිසා බවය.

කෙසේ වුවද හිටපු රාවය කර්තෘ මෙම සංශෝධනය රට අරාජිකත්වය කරා ගෙන යන බව 2017 වසරේ දී අනාවැකි පළ කළේ මෙසේය.

“මේ වනවිට රටේ හටගෙන තිගෙන අර්බූදයයෙහි ඇති වැදගත්ම ලක්ෂණය වන්නේ ආණ්ඩුවේ ප්‍රධාන නායකයන් දෙදෙනා අතර භේදයක් මතු වි තිබිමයි. ඒ සඳහා බලපෑ විවිධ හේතු ඇතත් මා ඒ ගැන කතා කරන්නේ නැත, නායකයන් දෙදෙනා කෙරෙන් ප්‍රකට වෙන එම භේදය මගින් ඇතිකරන අවුල විශාල එකකි. එක පැත්තකින් දහනව වැනි ව්‍යයවස්ථා සංශෝධනයයි, එම සංශෝධනය පැමිණෙන කාලය වෙන විට ඒ සම්බන්ධ මගේ මතය වුණේ එමගින් රටේ විශාල අවුලක් ඇති කරන බවය, ඊට් හේතුව මේ ව්‍යයවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට ව්‍යයවස්ථානුකූලව අගමැතිවරයා ධූරයෙන් ඉවත් කල නොහැකි වීමය. එසේ අගමැතිවරයාගේ එකඟතාවයකින් තොරව කැබිනට් මණ්ඩලයේ කිසිදු ඇමතිවරයකු වෙනස් කිරිමටද ජනාධිපතිවරයාට නොහැකිය, හදිසි අවස්ථාවක දි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ද ජනාධිපතිට හෝ අගමැතිට හැකියාවක් නොමැත.” (ලංකාදීප- 2017 නොවැම්බර් 19)

වික්ටර් අයිවන්ගේ මෙම අනාවැකිය මාස කිහිපයක් ඇතුළත සත්‍ය වූ අතර ඒකාබද්ධ විපක්ෂ නායකයන් පවසන්නේ රාජපක්ෂලා දඩයම් කිරීම උදෙසාම ගෙන ආ 19 වෙනි සංශෝධනය සිය පාලනයක් යටතේ වෙනස් කරන බවකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *