රසායනික පෝර මාෆියාවේ ප්‍රචාරවලට අහුවෙන්න එපා….! කාබනික පෝර විප්ලවේ ආපසු හරවන්න ඉඩතියන් නෑ….! – බැසිල්…

July 10, 2021 at 9:29 pm | by emanisa.lk

රජයේ කාබනික පොහොර විප්ලවය ආපසු හැරවීමට කිසිසේත් ඉඩ නොතබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අවධාරණය කරයි.

ඒ සඳහා ඇතැමුන් විවිධ ප්‍රයත්න දරමින් සිටින බව මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

රසායනික පොහොර ආනයනය කිරීමට රජය සූදානම් බවට ඇතැම් වෙබ් අඩවිවල පළ වී ඇති ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවක් නොමැති අතර එම ප්‍රචාරය රසායනික පොහොර ආනයනය කිරීමෙන් වාසී ලැබූ පාර්ශ්වල කූඨ ව්‍යාපෘතියක් බව ඇමැති බැසිල් රාජපක්ෂ සඳහන් කරයි.

සෞභාග්‍යමත් දේශයක් බිහි කිරීමට අදාළ පියවර ගනිමින් සිටින මෙම අවස්ථාවේ එම අරමුණු විනාශ කිරීමට කිසිවෙකුට ඉඩ ලබා නොදෙන බව බැසිල් රාජපක්ෂ වැඩි දුරටත් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *