ඇමැති විමල් වීරවංශ සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අතර යම් දේශපාලන එකඟතාවක් තුන්වෙනි පාර්ශ්වයකගේ මැදිහත්වීමෙන් නිර්මාණය වී ඇති බව විපක්ෂයට හිතවත් වෙබ් අඩවියක් වාර්තා කරයි.
මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේ නමක් බව ද එම ආරංචිමාර්ග ප්‍රකාශ කරයි.
ඒ අනුව 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරියේ දී නිර්මාණය කෙරෙන පුළුල් සන්ධානයේ පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය විමල් වීරවංශට ලබාදීමට රනිල් වික්‍රමසිංහ එකඟ වී ඇති බව ද එහි වැඩි දුරටත් වාර්තා වෙයි.
ලංකා පොස්පේට් සමාගම විමල් වීරවංශගේ අමාත්‍යංශයෙන් ඉවත් කිරීම ඇතුළු හේතු කිහිපයක් නිසා මේ වන විට ආණ්ඩුව සහ විමල් පාර්ශ්වය අතර යම් උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ.