රනිල් නැවතත් ක්‍රියාත්මකයි….! සජිත්ට කඩේ ගිය එජාප නගරාධිපතිවරු පන්නයි..! තංගල්ල, නාවලපිටිය සහ වැලිගම මහ පුටු පුරප්පාඩු වෙයි….!

June 18, 2021 at 7:30 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයට බලය හිමි තංගල්ල, නාවලපිටිය සහ වැලිගම යන නගර සභාවල සභාපති තනතුරු පුරප්පාඩු වී ඇති බව ගැසට් නිවේදන 03 ක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

තංගල්ල නගර සභාවේ සභාපතිවරයා ලෙස රවිඳු දිල්ශාන් ද නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා ලෙස සසංක සම්පත් සංජීව ද වැලිගම නගර සභාවේ සභාපතිවරයා ලෙස රෙහාන් විජයරත්න ද කටයුතු කළහ.

මෙම සභාපතිවරුන් තිදෙනා ඇතුළු එජාප පළාත් පාලන සභිකයන් පිරිසක් පක්ෂ සාමාජිකයත්වයෙන් ඉවත් කර ඇති බව එජාපය විසින් මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබූ අතර ඒ අනුව සභාපතිවරුන් තිදෙනාගේ මන්ත්‍රී ධුර අහෝසි වී ඇති බවට තීරණය කර තිබේ.

මෙම මන්ත්‍රීවරුන් ඉවත් කිරීමට හේතුව වූයේ ඔවුන් එජාප සාමාජිකයන් ලෙස සිටිමින් සමගි ජන බලවේගයට සහාය දැක්වීමයි. මෙම මන්ත්‍රීරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් ගොනුකර තිබූ නමුත් එම පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස