රනිල්ලා මොන සෙල්ලම දැම්මත් ජනතාව ඉන්නේ සජිත් එක්ක…! – තිස්ස…

May 14, 2024 at 5:17 pm | by emanisa.lk

මැතිවරණ ජයග්‍රහණය කරගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය කුමන උපායමාර්ග යෙදුවද මේ වන විට ජනතා විශ්වාසය ගොඩනැගී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා වටා බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

බිම් මට්ටමේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවලදී එය හොඳින්ම පෙනෙන්නට ඇති බව අත්තනායක මහතා සඳහන් කරයි.

ඒ අනුව ජුනි මාසය වන විට සෑම පළාත් පාලන කොට්ඨාසයකම පක්ෂයට නව සමාජිකයින් බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව හෙතෙම අනාවරණ්‍ය කරයි.

සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව වැරදි ප්‍රචාර යැවීමේ උත්සාහයන් පැවතුණ ද බිම් මට්ටමේ එකම විශ්වාසය ඔහු බව ද තිස්ස අත්තනායක මහතා වැඩි දුරටත් කියාසිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *