රට හමුවේ ඇති අභියෝගවලට නැවුම් උත්තර සොයන බලවේගයක් හදමු..! – ගෙවිඳු…

September 3, 2022 at 9:25 am | by emanisa.lk

මේ වන විට රජයක හව්හරණක් අහිමි පිරිසක් බවට මේ රටේ ජනතාව පත්ව ඇතැයි යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.

මේ රටේ ජනතාවට අනාගත අභියෝග ජයගත හැකි රාජ්‍ය නායකත්වයක් අහිමි වී ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

මේ රටේ අතීත උරුමය මත පදනම්ව ඊට ගැලපෙන අනාගතයක් ජනතාවට දිනා දීම සඳහා සාමුහික උත්සාහයක් දරන බවයි, ගෙවිඳු කුමාරතුංග ප්‍රකාශ කළේ.

අප අද මුහුණ දෙන බරපතළ අභියෝග සඳහා අපේ රටේ ඉතිහාසය සහ වර්තමාන දැනුම මත පදනම්ව නැවුම් උත්තර සෙවීම සිය අභිලාෂය බව ද යුතුකම සභාපතිවරයා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *