රට වැසීම සාර්ථක විසඳුමක් නෙමෙයි….! රට ඇරී පසු නැවත රෝගය පැතිරෙනවා…!

August 10, 2021 at 5:46 pm | by emanisa.lk

සංචරණ සීමා ආදී කරුණු සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ඉදිරිපත් කරන නිර්දේශ පිළිගැනීමට රජය නිරතුරුව සූදානමින් සිටින බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.

රට වැසීම අවස්ථා කිහිපයක දී කර ඇතත් ඊට පසු නැවත පසු රෝගය වර්ධනය වීම සිදුව ඇතැයි කී ඇමතිවරයා ලෝකයේ සීමාකිරීම් රාශියකින් පසු නිදහස ඉල්ලා උද්ඝෝෂණ ඇති වූ අවස්ථාත් ඇතැයි ද සඳහන් කළේය.

මහජන ඒකරාශීවීම් වළකමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමේ සූදානමක් ඇත්දැයි මෙහිදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දුන් ඇමතිවරයා පැවසුවේ එසේ කරන්නේ නම් එහි අරමුණ කොවිඩ් වසංගතය පාලනය කිරීම බවය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *