රට වැටුණේ විනයක් නැති පාලනය නිසයි…! මගේ ආණ්ඩුව ගැන කතා කරල වැඩක් නෑ..! – මෛත්‍රී

September 13, 2021 at 9:04 am | by emanisa.lk

අද රට හමුවේ ඇති විදෙස් සංචිත හිඟය, පසුගිය දශක පහක පමණ කාලයක් කිසිදු මූල්‍ය විනයක් නැතිව රට පාලනය කිරීම නිසා ඇති වූ තත්ත්වයක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

පසුගිය තම ආණ්ඩුව පාර්ශ්ව දෙකක් එකතු වී ගොඩනැඟූ ගැටුම් බහුල ආණ්ඩුවක් නිසා ඒ පිළිබඳ කතා නොකරන බවත් හෙතෙම ප්‍රකාශ කළේ ය.

දේශපාලකයින් සහ ආර්ථික විශේෂඥයින් සාකච්ඡා කර පොදු එකඟතාවකට පැමිණ ජාතික ආර්ථිකය ගොඩගැනීම සඳහා වැඩපිළවෙළක් දියත් කළ යුතු බවත් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *