රට ණය උගුලක හිරකළේ රාජපක්ෂලා නෙමෙයි රනිල්…! අවු. 04ට ඩොලර් බිලියන 13ක් ණයට අරන් විනාශ කළේ රනිල්…! -අනුර…

October 18, 2022 at 2:13 pm | by emanisa.lk

1977 සිට කැබිනට් අමාත්‍ය ධූර දැරූ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ 06 වරක් මේ රටේ අගමැති ධූරය දැරූ බවත් මේ රට ආර්ථික ආගාධයක් කරා රැගෙන ගියේ, බොහෝ පරිපාලන අත්දැකීම් සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති එම නායකයින් බවත් ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.

2007 සිට 2019 ලංකාව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය (ISB) ඩොලර් බිලියන 15.5ක් ගෙන ඇති බවත් ඉන් ඩොලර් බිලියන 12ක් ගත්තේ රනිල් වික්‍රමසිංහ 2015-2020 කාලයේ බවත් අනුර දිසානායක සඳහන් කරයි.

හම්බන්තොට වරාය විකුණා ගත් ඩොලර් බිලියන 1.1ක ද සමග මුදලින් ඩොලර් බිලියන 13.1ක් අවුරුදු 04ක් තුළ රනිල් වික්‍රමසිංහ වියදම් කර ඇතැයි ද ඔහු කියයි.

දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අවුරුදු 4කට ඩොලර් බිලියන 2.9ක් ලබා දී රනිල් වික්‍රමසිංහ රට ගොඩගනු ඇතැයි ප්‍රකාශ කරන්නේ යැයි ද අනුර දිසානායක ප්‍රකාශ කරයි.

ඩොලර් බිලියන 13ක් අවුරුදු හතරකින් විනාශ කළ පුද්ගලයෙක් ඩොලර් බිලියන 3කින් රට හදනු ඇති දැයි ජවිපෙ නායකයා ප්‍රශ්න කරයි.

රට ණය අර්බුදයකට ගොදුරු වී ඇත්තේ ISB ණය නිසා බව පෙන්වා දෙන අනුර දිසානායක, මහින්ද රාජපක්ෂගේ අවු.08ක පාලනය කාලය තුළ (2007-2015) ISB ණය ගෙන ඇත්තේ ඩොලර් බිලියන 3.5ක් බව ද සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *