රටේ දැවැන්ත ටයර් හිඟයක් ඇති වෙලා! මේ රජයට ආර්ථිකය ගැන අපට වගේ තේරුමක් නෑ! – සජිත්

October 2, 2020 at 12:38 am | by emanisa.lk

පසුගිය දිනක තිඹිරිගස්යාය ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක එක් පාරිභෝගිකයකු සඳහා ලබාගත හැක්කේ පොල් ගෙඩි 05ක් පමණක් යැයි දැන්වීමක් සවි කර තිබූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එසේ ම මේ වන විට රටේ දැඩි ටයර් හිඟයක් ඇතැයි ද හෙතෙම අනාවරණය කළේය. මෙයට හේතුව ටයර් ආනයනය නතර කිරීම බව ද ඔහු පවසයි.

මේ වන විට රටේ ආර්ථිකය විවෘත ආර්ථිකයේ සිට වැසුණු ආර්ථිකය වෙත ගමන් කරන බවත් මේ නිසා ඇති වන භාණ්ඩ හිඟය සමග ඒවායේ මිල ඉහළ යන බවත් එවිට ජනතාව දුගීභාවයට පත්වන බවත් සජිත් ප්‍රේමදාස පෙන්වා දෙයි.

මේ රජයට ආර්ථිකය පාලනය කර ගැනීමට තේරුමක් නැති බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස