රටේ කොවිඩ් අවදානම එහෙමමයි…! ආසාදිතයින් අඩු PCR අඩු කළ නිසයි…! – සමන් රත්නප්‍රිය….

September 19, 2021 at 10:21 am | by emanisa.lk

මේ වන විට කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය අඩු වී ඇත්තේ සිදු කරන PCR පරීක්ෂණ ප්‍රමාණය අඩු කිරීම නිසා යැයි සමස්ත රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පවසයි.

මේ වන විට සිදුකරන PCR ප්‍රමාණය 50-60%ත් අතර ප්‍රමාණයකින් අඩු වී ඇතැයි ද ඔහු අනාවරණය කරයි.

එහෙයින් කොවිඩ් මරණවල යම් අඩුවක් තිබුණ ද රෝගීන් සංඛ්‍යාවේ අඩුවක් ඇතැයි පැහැදිලිව නිගමනය කළ නොහැකි බව ද සමන් රත්නප්‍රිය සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *