රටේ ඕනෑ ම ගොඩනැඟිල්ලක් ඕන ම වෙලාවක අල්ලන්න අපි එනවා…! – වසන්ත මුදලිගේ…

August 11, 2022 at 9:13 am | by emanisa.lk

ගාලුමෝදර අරගලකරුවන් ඉවත් වන්නේ ගාලු මුවදොර පිටියෙන් පමණක් බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කරයි.

ගාලු මුවදොරින් ඉවත් වුව ද ඕන වෙලාවක ඕනෑම ගොඩනැගිල්ලක් අත්පත් කර ගැනීමට පැමිණෙන බව ද හෙතෙම පවසයි.

ඒ සඳහා ජනතාව සමග ඕනෑම මොහොතක පැමිණීමට සූදානම් බව ද හෙතෙම කියා සිටියේය.

අරගල මාදිලිය මිස අරගලය අවසන් නොමැති බවත් හෙට සිට රනිල් වික්‍රමසිංහ එළවීමට ගමක් ගමක් ගාණේ පැමිණෙන බවත් වසනත් මුදලිගේ අවධාරණය කළේය.

ගාලු මුවදොර පිටියෙන් අරගලකරුවන් ඉවත් වීම පිළිබඳව මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *