රටේ ඉරණම තීන්දු කිරීමේ බලය අපේ අතට ගන්නවා…! – විමල්….

September 2, 2022 at 6:45 pm | by emanisa.lk

මේ රටේ ඉරණම තීණ්දු කිරීමේ බලය තම අතට ගතයුතු බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

ජාතික නිදහස් පෙරමුණේ නායකයා පවසන්නේ තමා සූදානම් වන්නේ පුද්ගලයා වෙනුවට ප්‍රතිපත්ති හා දර්ශනය මුල් කරගත් ගමනක් යාමට බවයි.

මේ රට මෙතෙක් පැමිණියේ පුද්ගලයින් මූලික කරගත් ගමනක් බවත් තවත් රටට වීමට දෙයක් නොමැති බවත් හෙතෙම පෙන්වා දෙයි.

මාස හයක් ඉර පායන මාස හයක් හිම වැටෙන රුසියාවට සිය ආහාර සුරක්ෂිතතාව තනා ගැනීමට හැකි නම් දවස් 365 ම ඉර පායන සොබා දහම වසරේ වැඩි කාලයක් වැස්ස ලබා දෙන ලංකාවට එය නොහැකි වී ඇත්තේ අවංක ප්‍රතිපත්ති මූලික කරගත් පාලනයක් නොතිබුණු නිසා බවත් විමල් වීරවංශ අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *