රටම LockDown කරන කතාව බොරු! බොරුව පැතිර වූ අය අල්ලන්න CIDය සූදානම්! – පොලිස් මාධ්‍ය ප්‍රකාශකප්‍රකාශක

April 4, 2020 at 11:49 pm | by emanisa.lk

අප්‍රේල් මස 10 වෙනිදා සිට 15 වෙනිදා දක්වා ශ්‍රී ලංකාව වසා දැමීමට කටයුතු කරන බවත් සමාජ මාධ්‍යජාලා ඔස්සේ අසත්‍ය තොරතුරක් සංසරණය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පවසයි.

එම තොරතුරෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බවත් මේ දක්වා එවැනි තීරණයක් ගෙන නොමැති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙලෙස අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍යජාලා තුළ මුදා හරින සහ බෙදා හරින පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස