යාපනය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ කාන්තාවක් කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් ඇති බවට රෝහලේ වෛද්‍යවරු පවසති.
යාපනය පදිංචි මෙම කාන්තාව පසුගිය සතියේ ප්‍රංශයේ සිට පැමිණ යාපනය අරාලි ප්‍රදේශයේ තාවකාලිකව රැඳී සිටින අතර උණ රෝගය වැළඳීම නිසා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
එහි දී මෙම කාන්තාව මිය ගොස් ඇති අතර මරණ පරික්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවය.