කලට වෙලාවට දත්ත නිකුත් කරන්නේ නෑ…! එක ආයතනයක පමාවෙන් මුළු රටම අනතුරේ…! පරණ දත්තවලින් රටේ නියම අවදානම පේන්නේ නෑ…! – PHI සංගමය..

May 2, 2021 at 8:15 am | by emanisa.lk

රට පුරා සිදුවන PCR පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමේ දී දින 04ක පමණ ප්‍රමාදයක් සිදුවන නිසා එම දත්ත මගින් රටේ නියම අවදානම් තත්ත්වය පිළිබිඹු නොවන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

දෛනිකව සිදුකරන PCR පරීක්ෂණ ප්‍රතිඵල එසැනින් නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාව එම සංගමයේ සභාපති උපුල් රෝහණ අවධාරණය කරයි.

මහජනතාව අත්‍යවශ්‍ය හේතුවකට හැර නිවසින් බැහැර නොයා යුතු බවත් කණ්ඩායම් ලෙස ඒකරාශී නොවිය යුතු බවත් ඉතා ම වගකීමෙන් කටයුතු කළ යුතු බවත් ප්‍රකාශ කරන උපුල් රෝහණ, නො එසේ නම් රට සියලු සීමා බිඳ ගෙන දැඩි වසංගත තත්ත්වයක් කරා ඇදී යාම වැළැක්විය නොහැකි වනු ඇති බවට දැඩි අනතුරු ඇඟවීමක් ද සිදුකරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *