රජයේ සහතික මිලට පමණක් වී මිලට ගන්න මෝල් හිමිවන්ගේ එකඟතාව…!

July 21, 2021 at 2:41 pm | by emanisa.lk

රජයේ සහතික මිලට පමණක් වී මිල දී ගැනීමට වී මෝල්හිමියන් එකඟතාව පළ කර තිබේ.‍

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සමඟ පැවැති සාකච්ඡාවක දී ඔවුන් එම එකඟතාව පළ කර තිබුණි.

ප්‍රමිතිගත සම්බා වී,  තෙතමනය සියයට 14ක් සහිත කිලෝවක් රුපියල් 52 බැගින්ද, තෙතමනය සියයට 14ත් සියයට 22ත් අතර කිලෝවක් රුපියල් 44 බැගින්ද පසුගිය දා රජය විසින් සහතික මිලක් පැනවිය.

එමෙන්ම ප්‍රමිතිගත නාඩු වී,  තෙතමනය සියයට 14ක් සහිත කිලෝවක් රුපියල් 50 බැගින්ද, තෙතමනය සියයට 14ත් සියයට 22ත් අතර කිලෝවක් රුපියල් 46 බැගින් ද මිල නියම විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *