රංජන් වෙනුවෙන් මම ජිනීවා යන්න හැදුවා….! රංජන් ඒකට විරුද්ධ වුණා…! – නාගානන්ද….

May 4, 2021 at 3:29 pm | by emanisa.lk

රංජන් රාමනායක ජවනිකාවත් අවසන් වෙන්න දැන් ඉතා ආසන්නය බව වාර්තා වෙයි. ඔහුට පැවරුන චරිතය ඔහු ඉතා හොඳින් රඟපෑවේය.

මිනිසුන්ගේ ඉල්ලීමට මොහු වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නාගානන්ද ඉදිරිපත් වූ විට විට රංජන් රාමණායක එය තරයේ ප්‍රතික්ෂේප කරන බව ස ජ බ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න නාගානන්දට දැනුම් දුන්නේය.

ඒ තරමට රාමණායක තිර රචනයෙන් පිට රඟපෑමට අකමැති වුවා පමණක් නොව එය ප්‍රසිද්ධියේ ලොවට ම පෙන්වූයේය. ඔහු එළියට එනු ඇත. බොහෝ විට ඒ නිකම්ම නොව තවත් මරණ දණ්ඩනය හිමිවූ සිර කරුවකු සමගය.

මේ රටේ මිනිස්සු වසර 73 ක් ගතවී ඇතත් තවමත් ලේසියෙන්ම 225+1 හේ ප්‍රයෝගවලට නිකම්ම හසු වෙයි.
ඔහු එළියට පැමිණි පසු අලුත්ම නයා කැලණි ගඟ දෙබෑ කරගෙන මහා ශබ්දයක් කර කරඬුවක් ගෙන පැමිණ අවසානය කොකාකෝලා ප්ලාස්ටික් බෝතලේට රිංගූ නයා නොව රංජන් රාමනායක වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *