පාර්ලිමේන්තුවේ රඟන්න ගොස් රංජන්ගේ ජනප්‍රියම නළුවා කිරුළ එකොළොස් වසරකට පසු ගිලිහෙයි!

March 8, 2019 at 8:32 am | by admin

වසර එකොළහක් තිස්සේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නළුවා සම්මානය දිනාගත් රංජන් රාමනායකට මෙවර ස්ලීම් නිල්සන් සම්මාන උළෙලේ දී එම සම්මානය අහිමි වූ අතර තරුණ නළුවකු වන හේමාල් රණසිංහ ජනප්‍රියම නළුවා කිරුළ පැළඳුවේය.

පසුගිය වසරේ මේ දෙදෙනා අතර සම සම්මානයක් ලෙස බෙදී ගිය සම්මානය මෙවර හේමාල්ට හිමි විය. එසේම තරුණ පරපුරේ හද බැඳි නළුවා සම්මනය දෙවන වරටත් හේමාල්ට හිමි විය. එකොළොස්වන වරටත් ජනප්‍රියම නිළිය කිරුළ මාලනී ෆොන්සේකාට හිමි විය.

පසුගිය දිනක රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පවසා තිබුණේ තමා තවමත් මේ රටේ ජනප්‍රිය නළුවා බවත් දේශපාලන කෙනහිලිකම් සිදුවන්නේ නම් නැවත රඟපෑමට යන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස