යූඇන්පියට කෙළවුණේ අයවැය සුද්දෝ හැදූ නිසායි! මහින්දට ආදරේ කරන මම නම් එජාපයට ගියේ නෑ! – වෙල්ගම

November 21, 2020 at 9:47 am | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව විසින් වතු කම්කරුවන්ගේ වැටුප රු. 1000 දක්වා ඉහළ නැංවීම තමා බෙහෙවින් අගය කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

ඊයේ (20) අයවැය විවාදයට එකතු වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ය.

යහපාලන ආණ්ඩුවේ අයවැය හැදුවේ මේ පොළොවේ පය ගසා සිටින අය නොව පිටරට සුද්දන් බවත් එජාපය නැතිභංගස්ථාන වූයේ ඒ නිසා බවත් ඔහු සඳහන් කළේ ය. කෙසේ වුවද වර්තමාන ආණ්ඩුවේ අයවැය හදන්නේ විමල් වීරවංශ ආර්ථික ඝාතකයින් ලෙස හැඳන් වූ අය බවත් වෙල්ගම පෙන්වා දුන්නේ ය.

තමන් අවුරුදු 40ක් ශ්‍රී ලංකාකාරයෙකු බවත් මහින්ද රාජපක්ෂට තමා එදා මෙන් ම ආදරය කරන බවත් සඳහන් කළ හෙතෙම තමා එජාපයට ගියේ නැති බවත් සමගි ජන බලවේගය අලුත් පක්ෂයක් බවත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස