යුද හමුදා බුද්ධි බලකා මේජර්වයකු ලෙස අන්තවාදී ක්‍රියාවල යෙදුණු මුස්ලිම් ජාතිකයෙක් අල්ලයි!

June 2, 2019 at 5:13 pm | by admin

යුද හමුදා බුද්ධි බලකායේ මේජර් වරයෙකු ලෙස පෙනී සිටිමින් අන්තවාදී ක්‍රියාවල යෙදුණු බවට සැකකරන පුද්ගලයෙකු මොරටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.‍ෙ

මොරටුව, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි මොහම්මදු නිසාර් ඉම්රාන් නොහොත් ජෝන් වෝල්ක් නමැති මෙම සැකකරු යුධ හමුදා බුද්ධි බලකායේ මේජර් වරයෙකු ලෙස පෙනී සිටිමින් අන්තවාදී ක්‍රියාවල නිරතව සිට ඇති බවට තොරතුරු ලැබී ඇත.

සැකකරු සතුව තිබී යුධ හමුදාව භාවිත කරන කමිස තුනක්, කඩුවක්, ඩ්‍රෝන යානාවක්, ජංගම දුරකතනයක්, කැමරා දෙකක්, ලැප්ටොප් පරිඝණක 03ක් ඇතුළු උපකරණ තොගයක් ද සමග අත්අඩංගුවට ගත් සැකකරු වැඩි දුර විමර්ශන සඳහා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත භාර දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *