යුද හමුදාව ඕනෑම තත්ත්වයක් පාලනයට සූදානම්! ගැටුම් ඇති කළොත් වෙඩි තබනවා! – හමුදාපති

May 14, 2019 at 10:13 pm | by admin

රටේ ඕනෑම පෙදෙසක කලබලකාරී තත්ත්වයක් ඇති වුවහොත් එය පාලනය කිරීම සඳහා උපරිම බලය යොදවන බවත්, අවශ්‍ය වුවහොත් හදිසි තත්ත්වය මත ඇති බලතල අනුව වෙඩි තැබීමට වුවද පියවර ගන්නා බවත් යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා අවධාරණය කරයි.

වයඹ පළාතේ ඊයේ (13 වැනිදා) ඇතිවූ තත්ත්වය සැලකිල්ලට ගනිමින් විශේෂ ප‍්‍රකාශක් කළ යුද හමුදාපතිවරයා එසේ කියා සිටියේය.

“දේපල හානි කිරීමට හෝ රජයේ හෝ ආරක්‍ෂක හමුදාවල අවවාද නොතකා හැරීමට කිසිවකු සූදානම් වෙනවා නම්, ඔවුන් මර්දනය කිරීම සඳහා උපරිම බලය යෙදීමට පියවර ගන්නා බව, යුද හමුදාපතිවරයා වශයෙන් මා මේ අවස්ථාවේදී අවවාද කර සිටිනවා…..මා නැවතත් කියා සිටින්නේ, හදිසි තත්ත්වය යටතේ පැවරී ඇති බලතල අනුව, ඔවුන් ග‍්‍රහණයට ගැනීමට, අත්අඩංගුවට ගැනීමට හෝ අවශ්‍ය වුවහොත් වෙඩි තැබීම දක්වා අවම බලයේ සිට උපරිම බලය යෙදවීමට පසුබට වන්නේ නෑ.”

“රට නැවතත් උන්මන්තකයන්ගේ හෝ ත‍්‍රස්තවාදයේ ප‍්‍රචණ්ඩත්වය කරා යොමු වීම වැළැක්වීමට අපි අවශ්‍ය සියලූම පියවර ගන්නවා. කරුණාකර මෙම නීතිවිරෝධී කටයුතු සඳහා සම්බන්ධ නොවී සිටීමට ඔබ සියලූ දෙනාම වගබලාගන්න.”

මේ වන විට මුහුණු ආවරණය කරගත් සන්නද්ධ හමුදා කාණ්ඩ මිනුවන්ගොඩ ඇතුළු ගැටුම් ඇති වූ ප්‍රදේශවල ස්ථානගත කර ඇති අතර රටේ ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේ ජනතාව නිවෙස්වලට වී රටේ සාමය පවත්වාගෙන යාමට ආරක්ෂක අංශවලට උදව් කිරීම යුතුකමය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *