යුගදනවි සටන කාදිනල් අතට ගනී…! වෘත්තීය සමිති කැඳවා සාක්ෂි එකතු කරයි…!

October 19, 2021 at 1:36 pm | by emanisa.lk

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් සහ ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල් සහ වරාය ඒකාබද්ධ සන්ධානය අතර ජාතික සම්පත් සම්බන්ධව උද්ගත වී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡාවක් බොරැල්ල අගරදගුරු මැදුරේ දී ලබන සිකුරාදා (22) පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතය.

මෙහි දී යුගදනවි තාප බලාගාරයේ රජයේ කොටස් අයිතියෙන් සියයට 40 ක් ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට පැවරීම පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය. එම ගිවිසුමට එරෙහිව ඇල්ලේ ගුණවංශ හිමි සහ කාදිනල්තුමා පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කළහ.

මෙම සාකච්ඡාවට වරාය අධිකාරිය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය යන ආයතන තුන නියෝජනය කරන වෘත්තීය සමිති රැසක් සහභාගි වීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *