යාපනය කන්කසන්තුරේ ජනාධිපති මන්දිරය පිහිටි භූමියේ සහ අවට අක්කර 62ක් මුල් අයිතිකරුවන්ට ලබා දීමට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් පියවර ගෙන ඇත.
උතුරු ආණ්ඩුකාරවරයා මෙම තීරණය ගනු ලැබුවේ යාපනය තෙලිප්පලෙයි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
කන්කසන්තුරෙයි ජනාධිපති මන්දිරය පිහිටි භූමිය සහ ඒ අවට ප‍්‍රදේශ කලාප හතරකට බෙදා මැනීම් සිදුකිරීමෙන් පසු එම ඉඩම් මුල් හිමිකරුවන්ට ලබා දීමට ආණ්ඩුකාරවරයා බලධාරීන්ට උපදෙස් දී තිබේ.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ උපදෙස් මත උතුරු ආණ්ඩුකාරවරයා මෙම පියවර ගෙන ඇති අතර අදාළ ඉඩම් ඉතා ඉක්මනින් අයිතකරුවන් වෙතට ඉදිරියේදී ලබා දෙන බවටද එම සාකච්ඡාවේදී තීරණය විය.
ආණ්ඩුකාර ලේකම් එස්. සත්‍යසීලන් සහ උතුරු පළාත් ඉඩම් මැනුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමග කන්කසන්තුරේ ජනාධිපති මන්දිරය අවට ඉඩම් හිමියන් පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.