යහපාලනාණ්ඩුව තමයි හොඳට ම කළේ…! රනිල් 2015 ගුරු වැටුප් 106%කින් වැඩි කළා…! – වජිර

October 26, 2021 at 7:08 am | by emanisa.lk

2015 ජනවාරි 08 වැනිදා රනිල් වික‍්‍රමසිංහ රටේ අගමැති ධුරයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-II මූලික වැටුප රුපියල් 13,410.00 සිට රුපියල් 27,740.00 දක්වා 106% ක ප‍්‍රතිශතයකින් වැඩි කළ බව එක්සත් ජාතික පක්‍ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි.

එසේම ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I පන්තියේ අයකුගේ මූලික වැටුප රුපියල් 36,755.00 සිට රුපියල් 76,175.00 දක්වා 107% ක ප‍්‍රතිශතයකින් වැඩි කළ බවත් හෙතෙම පෙන්වා දෙයි.

වජිර අබේවර්ධන මෙම අදහස් පළ කළේ එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළ සම්බන්ධව කරන්දෙණිය මැතිවරණ කොට්ඨාසයේ එජාප ක්‍රියාකාරීන් දැනුම්වත් කිරීම සඳහා පැවැති හමුවේදීය.

2013, 2014 වර්ෂවලදී රට මුහුණ පා තිබුණු ඛේදවාචකය හමුවේ 2015 ජනවාරි 08 වැනිදා වන විට හදිසි මැතිවරණයක් පවත්වා පාලන බලය වෙනස් කිරීමට සිදුවුණු අතර 2015 දී රට භාර ගන්නා විටත් කථිකාව පැවතුණේ ලෝකයේ ඇති ආර්ථික අර්බුදය නිසා රටේ ආර්ථික ප‍්‍රශ්නය විසඳිය නොහැකි බවයි.

නමුත් 2015 ජනවාරි 08 වැනිදා රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍ය ධුරය භාර ගනිමින් විධායක ජනාධිපතිවරයාගේ බලතල ජනතාවට දුන් පොරොන්දුව අනුව අහෝසි කරමින් විධායක බලයෙන් කොටසක් අගමැතිවරයා ලෙස භාර ගනිමින් පැය 48 ක් ගත වීමට පෙර ඩීසල්, පෙට‍්‍රල්, භූමිතෙල් හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩුකර, රජයේ හා පෞද්ගලික අංශවල වැටුප් වැඩි කරමින්, විශ‍්‍රාම වැටුප් වැඩි කරමින් සිවුශේෂී පෙරළියක් සිදුකළා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *