මොරටු නගරාධිපතිගෙන් දැන් සැපදැයි ඇසූ පුද්ගලයා අත්අඩංගුවට….!

June 18, 2021 at 10:56 am | by emanisa.lk

එන්නත්කරණ සිද්ධියකට බාධා කළැයි රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහල මොරටුව පුරපතිවරයාට දුරකතනයෙන් කතා කර දැන් සැපදැයි විමසූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලිසිය කියයි.

පීඩා ඇති වන ආකාරයට දුරකථන ඇමතුම් ලබා දෙමින් ‘‘දැන් සැපදැයි‘‘ විමසමින් මරණ තර්ජනය කළ බවට මොරටුව පුරපති සමන් ලාල් ප්‍රනාන්දු මොරටුමුල්ල පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම ඇමතුම ලබා දුන් සැකකරුගේ දුරකතන වාර්තාවක් ලබා ගැනීමට මොරටු අධිකරණයෙන් අවසර ඉල්ලා ඒ අනුව කළ විමර්ශනවලදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

එම දුරකතන වාර්තාවට අනුව සැකකරු නගරාධිපතිවරයා‍ගේ දුරකතනයට ලබා දුන් අංකය බවට තහවුරු වු බව පොලිසිය පවසයි.

සැකකරු රත්මලාන තෙලවල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් පොලිසිය මීට පෙර බොරුපන ප්‍රදේශයේ අනවසර තාප්පයක් ඉවත් කිරීමට යෑමේ දී නගරාධිපති සහ සැකකරු අතර ආරවුලක් ඇති කරගත් බවට තොරතුරු හෙලි වු බවද පොලීසිය සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *